තරු දෑසtharu dhaesa

Tharu Desa

Music:
ලස්සන ජයසේකරlassana jayaseekara
Lyrics:
මැණික් ජයසිංහmaenik jayasinha

Lyrics

තරු දෑස ඉඟි කරන් ඔබ ඇවිත් ලඟින් ඉඳන් 
ආදරේ දුන්නු කාලය මග හැරී දුර ඇදී ගිහින් 
සිත් අහස තනි වෙලා ඉතින් 

සංසාරේ නුඹ සොයා ආ මාවතක් පුරා 
දුක ලියා දුන් නිසා මගෙ සිතම ගොළු වුනා 
නුඹ හීනයක් වගේ මා හැර දමා වෙන්වුනා 
(මං ආදරේ නිසා කඳුලක අතරමං වුනා...//)     

නුඹ කල්පයක් පුරා මගෙ දෑතෙ පැටලිලා 
උන් මතකයන් නිසා හඬනවා ඉකිගසා 
නුඹ ජීවිතේ පුරා මා මග හැර දමා ගියා 
(දැනුනේම නැද්ද නුඹ හට මං ආදරේ කියා...//)

තරු දෑස ඉඟි කරන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.