තරු අත් අකුරින් ලියා එවමිtharu ath akurin liyaa ewami

Tharu Ath Akurin Liya Ewami

Lyrics

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..//

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්..
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්..
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...

තරු අත් අකුරින්...//

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ...

තරු අත් අකුරින්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.