තරු ඇස් හැඬ වූtharu aes haenda wuu

Tharu As Handa Wu

Music:
උදාර සමරවීරudhaara samarawiira
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

තරු ඇස් හැඬ වූ නාඳුනනා කෙනා
සැපවත් ඒ නෙක රහසේ ගැවසිලා
අදහන්නත් බෑ ඔබමද ඒ කෙනා
සුසුමට සුසුමක් රහසේ මුසුවෙලා
මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ...

දෑස කකියා කඳුළු රූරා මතකේ වැලපෙන්නේ
ඔබම සිහි වී පාළුවේ රෑ හීන අහුලන්නේ
මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ...

වේදනාවේ තනිවුණාවේ ප‍ාළු පපු ගැඹුරේ 
දිවිතුරා දැන් විඳවමි මං ඔබ නිසා සසරේ
මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ...

තරු ඇස් හැඬ වූ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.