තාරකා මල් පිපී හිනැහෙනthaarakaa mal pipii hinaehena

Tharaka Mal Pipii Hinahena

Lyrics

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ලතැවුල් ජීවිතේ ....

හිරු සඳුට හා ලොවට රහසින්
සදා ගමු අපි පුංචි ලෝකය
දුකට කඳුලට පවුරු බඳිමින්
හෙමින් සරසමු එවන් ලෝකය ....

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවනින්
නිවී සැනහී මගේ ලෝකය ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.