Lyrics
තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ
අසන්න දේවල් අනන්ත ඇති මුත්
අසාගන්න බැරිදා
ඇසින් කතාකර හිතින් එකතුවෙමු
හමුවන හැම මොහොතේ
හමුවන හැම මොහොතේ
තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ
පෙමින් බැදුණු විට අනන්ත බාධක
අප ජයගත යුතු වේ
හිතන්න දේවල් කොයින්ද වෙන මට
මගෙ හිත ඔබ ළඟනේ
මගෙ හිත ඔබ ළඟනේ
තාරකා එලි...//