තරහක් නෑ අදත්tharahak nae adhath

Tharahak Na Adath

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
රේණුreenu

Lyrics

තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ
හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් වුණා
(මා හෙට මළත් එහෙමමයි ආදරේ
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ...//)

හීන තිබුණේ නෑ පෙර මාගේ ලෝකයේ
නොකියා නුඹ ඇවිත් දුන්නාම ආදරේ
වරදේ පැටලිලා හිතු මතේ පෙම් කළා
මා හිස් හදේ සෙනෙහේ ඉතිරුණේ...
මා හෙට මළත් එහෙමමයි ආදරේ
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ

ආයෙමත් පරාද වූ මේ ජීවිතේ
නොකියා ඇයි ගියේ අද ඔහුගේ උණුහුමේ
නිකරුණේ ළං වෙලා උපරිමේ පෙම් කළා
මේ වේදනා තිබුණදෙන් ගොළුවෙලා
මා හෙට මළත් එහෙමමයි ආදරේ
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ

තරහක් නෑ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.