තරහ වෙලා ඉමු අපිtharaha welaa imu api

Tharaha Wela Imu Api

Lyrics

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා
ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ 
ඒ අමනාපය මැකී මනාපය දහස් ගුණේකින් වැඩි වූවා

නුදුටු නියායෙන් ඉවත බලාගෙන ඔබ හිටියත් කොන්වී 
දුටු මොහොතේ සිට සිතින් සිටින්නේ මා ඔබ වෙත ළංවී

රෑ නිදි නොලබා සුසුම් හෙලා ගෙන පහන් කළෙමි ඊයේ
හීනෙන්වත් මතු තරහ වෙලා නම් ඉන්නට බැහැ ආයේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.