Lyrics
තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි
(තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි...//)
(කිරට ගියා අම්මි පුතේ කිරි එරවා එන්ට පුතේ...//)
කිරි මුට්ටිය අතින් පුතේ ගගේ වැටී දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ වළං කඳක් ගෙනෝ ගෙනෝ
(අන්න පුතේ මුවා වෙලා වළාකුලේ දොයි...//)
තත් තත් තත් තාර පැටියා....
(ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා...//)
ගලින් ගලට පනින්නෙ නෑ බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා පුතාට දොයියන්න කියා
(කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයි...//)
තත් තත් තත් තාර පැටියා....
(දොමි තරිකිට තාං කියා තරිකිට තක දෝං කියා...//)
වැල ගෙඩියක් ආං පුතේ ගහෙන් වැටී දොයි
ඔන්න බබෝ බිලු එනවෝ අඬන ළමයි අල්ලනවෝ
(අනේ මෙහේ එන්න එපෝ අපේ පුතා දොයි...//)
තත් තත් තත් තාර පැටියා....
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි