තනුව අහිමිthanuwa ahimi

Thanuwa Ahimi

Lyrics

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

(මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා...//)
වියළි දෙතොල් පට උණු කඳුළකින් තෙම තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා... කියමි නෙතු සලා

තනුව අහිමි පෙම් කවියකි....

(පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ...//)
හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ
කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ... දුන්නු හාදුවේ

තනුව අහිමි පෙම් කවියකි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.