තනියෙන් ඉපදුණු නිසා thaniyen ipadhunu nisaa

Thaniyen Ipadunu Nisa

Lyrics

තනියෙන් ඉපදුණු නිසා 
තනියෙන් මියෙන නිසා 
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා//

ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයි 
ඔබ අත අල්ලන් ඇවිද යන්න ආසයි 
තිස්සෙම මගේ හිත අඬ අඬ ඔබ ඉල්ලයි 
මොනවා වුනත් ඔබ නැතිවෙනවට ලෝභයි...  

තනියෙන් ඉපදුණු නිසා... 

තනියෙන් ඉන්නට කියා දුන්නේ ඔබමයි 
මට දුක දීලා තනි කෙරුවෙත් ඔබමයි 
ආදරේ දුක නම් කවදත් මට උරුමයි 
අදරේ හින්ද පැරදුනු මටම දුකයි... 

තනියෙන් ඉපදුණු නිසා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.