තනියෙන් ආයේthaniyen aayee

Thaniyen Aye

Music:
ෂේනුක එච් පීරිස්sheenuka ech piiris
Lyrics:
අකලංක ගුණරත්නakalanka gunarathna

Lyrics

තනියෙන් ආයේ ගෙවුණත් කාලේ 
යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ
දෑතින් මාගේ රැකගත් කාලේ 
සතුටින් නැත්නම් ඇයි තව ළං වූයේ
යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ...

හැමදාම ලොව කීව සැම නාසා
රැකගත්තේ මම නම් ඔබේමයි සිතාලා
දැනගත්ත දා හීණ හිමිවෙන්නේ 
අන්කාටවත් මේ භවේදි කියාලා
දුක නෑනේ කාටත් පෙන්වූයේ
උඩ සිටිනා දෙවියොත් දන්නෑනේ
මුණ ගැහෙනා අතරින් මා වාගේ 
කිසිවෙක් නෑ කිසිදා හමුවන්නේ...

හැමදේම අවසානේ වෙනතක් බලා යන්න
ඔබ දුන්නු දුක පාර කීවා 
මතු ආයේ එනදාක සංසාරේ පිළිගන්න
පෙර වාගේ මට අයිති නෑනේ
දුක නෑනේ කාටත් පෙන්වූයේ
උඩ සිටිනා දෙවියොත් දන්නෑනේ
මුණ ගැහෙනා අතරින් මා වාගේ 
කිසිවෙක් නෑ කිසිදා හමුවන්නේ...

තනියෙන් ආයේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.