තනියට කඳුලයිthaniyata kandulayi

Thaniyata Kandulai

Lyrics

තනියට කඳුලයි හසරැල්ලයි ඒ 
ජීවිතයට සිහිලසක් පතා
බදා වැලදගත් ගින්දර සිසිලයි
කියන්න කොහොමද....පෙම්බරයෝ...


ජීවිතයමවූ පෙමැති අතීතේ 
මදහස දැවටුනු මතක මංපෙතේ
අතිනත තනියට මතකය කැඳවා
සිතුවිලි ඉගිලි හද සැලෙනා.....
සිතුවිලි ඉගිලි හද සැලෙනා.....


මට මා අහිමිව නුඹ හිමි උන දා
හදවත පිරිමැදි මුදු වීණා තත 
තියුණු සැතක් වී මා රිදවන බව
දැන සිටියේ නෑ... පෙම්බරයෝ......
දැන සිටියේ නෑ... පෙම්බරයෝ......

තනියට කඳුලයි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.