Lyrics
මගේ පාළු ලොකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...
තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ...
ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලොකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...
තනි වී සිටින්නයි...