තනිවෙලා මම ඉතින්thaniwelaa mama ithin

Thanivela Mama Ithin

Music:
බුද්ධික සෝලංග ආරච්චිbudhdhhika soolanga aarachchi
Lyrics:
බුද්ධික සෝලංග ආරච්චිbudhdhhika soolanga aarachchi

Lyrics

හිත හදාගන්න බෑ තනිවෙලා මම ඉතින්
මට හදාගන්න බැරි වරදක් වුණා මගේ අතින්
ඔබ යන්න ගිහින් ඈතට ඉගිලිලා මගේ ලොවෙන්
ඔබ නැතිව සිතින් මැරි මැරි ඉන්නවා මම ඉතින්...

වේදනා ගෙනෙයි මතකය හැම විටම ඇවිලිලා
සුදූ ඔයා නැතිව ජීවිතේ අද මට එපා වෙලා
වෙන් වුවත් නැතත් නිතරම මම ආදරෙයි කියා
මගේ පණයි ඔයායි දෙකක් නෙවෙයි දන්නවාද ඔයා....

හිත හදාගන්න බෑ....

හරියි කියා කරපු දේවල් මට වැරදුණා අද
නැතිවුණා මවපු ලොකේ බොඳ වෙලා හෙමිහිට
ඔබ නැතිව ගියේ සිදුවුණු වරදකින් නොදැනම
මට සමාවෙන්න කියන්නවත් ළඟක නෑ ඔබ...

හිත හදාගන්න බෑ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.