Lyrics
තනිකම ලඟ හිත ඍණාත්මකයි
ඔබ සිහිවෙන විට ධනාත්මකයි
හරි කලාත්මකයි
නෑ උපමා
හැරදා.. ගිය හැටි නොකියා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුනා
හිත පාරලා රඟපාලා
දුක තියලා දුර ගියා
දෙවියොත් නෑ දුක අහනා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුනා
ප්‍රශ්න ගොඩක් ළඟ
උත්තරයක් නැති
ජිවිතයම දැන් විභාහගයක්
ගලපගන්න බැරි පිළිතුර ඔබමයි
හිතට මගේ නැහැ විවේකයක්
(රිදවන් නැති නම් මතකයන්
වෙමු අපි හැකිනම් යහළුවන්...//)
රිදෙනා නිසා තව නෑ කතා....
වෙන්න තියෙන දේ
වලක්වන්න බැරි
දෛවය නම් හරි පුදුම දෙයක්
තුරුනු ආදරේ අවංක බව හැටි
වැරදුනාට නැහැ මට තරහක්
(රිදවන් නැති නම් මතකයන්
වෙමු අපි හැකිනම් යහළුවන්...//)
තනිකම ලඟ හිත ඍණාත්මකයි....
රිදෙනා නිසා තව නෑ කතා....