තනිකමthanikama

Thanikama

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

නොදැනී මේ දිවියේ ඔබ මට හිමි නෑ කියලා
සිටියේ දිගු ගමනේ ඔබ පමණයි මුල ඉඳලා
කාලයට ඉඩ දීලා මා මග බලා සිටියාට 
ඔබ එන්නේ නෑමයි සදා
(තනිකම දැන් මාගේ ප්‍රාණේ නෑ දෑන් කිසිවක් ඕනේ
තනියම ඉන්නම් ලෝකෙන් වෙන් වීලා.......//)

දෑස පිහදාගන්න හැකි කඳුළු සඟවා තබා ගමි
මතක මිහිදන් කර තබමි නැවත පෙම්වතෙකු නොවෙමි
කිසිදා ඔයා යළි දුක් වෙලා වද වෙන්නෙපා මා ගැන හොයාලා
(තනිකම දැන් මාගේ ප්‍රාණේ නෑ දෑන් කිසිවක් ඕනේ
තනියම ඉන්නම් ලෝකෙන් වෙන් වීලා.......//)

තේරුණා නම් මං හැමදා ඔබට පණ වාගේ කියලා
පරණ මතකය දැන් අතුගා ඉන්න ගිය තැන සිනාවෙලා
කිසිදා ඔයා යළි දුක් වෙලා වද වෙන්නෙපා මා ගැන හොයාලා......

නොදැනී මේ දිවියේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.