තනි වුනු හින්දා මම ඉකි බින්දාthani wunu hindhaa mama iki bindhaa

Thani Wunu Hinda Mama Iki Binda

Lyrics

තනි වුනු හින්දා මම ඉකි බින්දා
සමුගත්දා මේ තරම් වේදනා දීලා
අද සුබ පතලා හැර යන්නම් මා
තවමත් මං ආදරේ ආදරේ හන්දා

කුළුදුල් හීනේ ඈතට ඈතට යනවා මේ
මෙතුවක් උන්නේ දෑතට දෑතට පතලා මේ
හැර යන්නට නම් තනි වෙන්නට නම්
ඇයි මෙතරම් පෙම් කෙරුවේ
මට තවමත් නොම තේරේ

තනි වුනු හින්දා මම ඉකි බින්දා
තවමත් මං ආදරේ ආදරේ හන්දා

තහනම් ප්‍රේමේ වරදට දඩුවම් වින්දානේ
අන්සතු දීගේ මට හිමිවන බව හිතුවිනේ
මතු බවේ යළිත් හමුවන සිතකින්
යළි නම් නොපතමි කිසිදා
සතුටින් ඉනු මැන සැමදා

තනි වුනු හින්දා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.