තනි වෙන්න බෑthani wenna bae

Thani Wenna Baa

Lyrics

තනි වෙන්න බෑ ආයේ - හිත හඬනවා රහසේ
මට දෙන්න විඳගන්න -  යලි සොඳුරු ආදරේ
රිදවන්නේ නෑ ඉතින් -  ඔබ මගෙ පණ වගේ
මියැදෙන්න ඉඩ දෙන්න -  ඔය දෑස් මායිමේ

ඔබ නැතුව මේ සසරේ තනියම හිඳින්න	 බෑ
ඔබ මිසක වෙන හිතක උණුසුම පතන්නේ නෑ
වෙන් වෙලා ඉන්න බෑ -  මේ යහනේ නින්ද නෑ
ඔබ නැතුව නම් තවත්  - මට හුස්ම  ගන්න   බෑ
රිදවන්නේ නෑ ඉතින් ....

සංසාරෙ  අපි පැතුම් බිඳ වැටෙනවා උනත්
මගෙ හුස්ම යට තාම ඔබ ඉන්නවා අදත්
ළං වෙමින් ආදරෙන් -  දුන් රිදුම් නාමයෙන් 
එක් වෙලා ඉමු ඉතින් -  විඳවන්න බැ තවත්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.