තනි රැක්ක තනි රෝසthani raekka thani roosa

Thani Rakka Thani Roosa

Lyrics

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඩලේ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරු වේ

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරු වේ

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.