තණමල්විල මල් පිපුණත් තහනම් නීතියටthanamalwila mal pipunath thahanam niithiyata

Thanamalwila Mal

Lyrics

තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට
ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට
හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත්මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට

පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක
ලෙන්ගතු වී කතාකරයි යන්න දේව ලෝකෙට
කාසි පඳුරු පීදුනාට ගිනිගත් ජීවිතයක
ඇවිද්ද පය විලංගුවේ ඔය කහමල් යායට

තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට....

අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අතමිට
කාසිවලට හාද වෙලා නගරේ ලොකු උදවිය
නීතිය තහනම් වුණාට තාමත් ඉර හඳ යට
කොළඹට අරගෙන එනවා තණමල්විල මල්ටික

තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.