තණමල්විලthanamalwila

Thanamalvila

Lyrics

තණමල්විල පඳුරු පඳුරු 
මත පීදුණු කැකුළු කැකුළු 
තොල් පෙති මත පිපුණු පිපුණු 
සොඳුරු තරුණ කිඳුරු කිඳුරු 
තණනිල්ලේ  පොකුරු පොකුරු 
රත් පැහැයෙන් හැකිලුණි 
සුනිල් නුවන් යුග මියැදුණි 
නිහඬ බවම රජ වුණි 
තරුද හඬා වැලපුණි

හෙටක් නොදුටුවත් සුවඳයි යෞවනයේ 
 සිහින බිඳුණු සිහිනයකයි සරන්නේ 
සමාදියෙන් තව්තිසාවේ රැඳෙන්නේ 
මල්  සුවඳක ජීවිතයයි මියෙන්නේ...

තණමල්විල...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.