Lyrics
තණ නිල්ලේ කිතුගොස නංවාලා
ක්‍රිකට් ලොවේ ජය දද බැන්දු
ආසිරි ගී මල් ඔබටයි විරුවනි
උපන් බිමේ හොඳ නම රැන්දු...//
නියම වේග දඟ පන්දු යවලා
ශක්තිය ලොවටම පෙන්වාලා
අහස උඩට යන හයේ පහරවල්
ගහන්න කෙළිබිම හොල්ලාලා
උපන් හපන්කම් මවා එදා මෙනි
එනු මැන ජය කොඩි නංවාලා...
තණ නිල්ලේ...
අපේ පුතුන් හෙළ විකුමන් පෙන්වා
එදා ලැබූ ජය සුරැකේවා
වාද භේදකම් දුරු වී හැමදා
යාලු මිතුරුකම් වැඩි වේවා
ලෝකේ පුරා අප දිනු උපන්බිම
ශ්‍රී ලංකා නම රැව්දේවා...
තණ නිල්ලේ...//