තනමල්විල මල් පිපුණත්thanamalwila mal pipunath

Thana Mal Wila Mal Pipunath

Lyrics

තනමල්විල මල් පිපුණත් තහනම් නීතියද
ඒ සියලුම මල් වල ඇති සුවඳ සිදාදියට
හිරි මල්විය ඉඟිකෙරුවත් ඉඳුවර හීනියට
සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට

පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක
ලෙන්ගතුවී කතා කරයි යන්න දේව ලෝකෙට
කාසි පඳුරු පීදුනාට ගිණිගත් ජීවිතයක
ඇවිද්ද පය විලංගු වෙයි ඔය කහමල් යායට

තනමල්විල මල්....

අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අත මිට
කාසි වලට හාද වෙලා තගරේ ලොකු උදවිය
නීතිය තහනම් උනාට තාමත් ඉර හඳ යට 
කොළඹට අරගෙන එනවා තනමල්විල මල් ටික

තනමල්විල මල්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.