තැඹිලි පාට තැඹිලි ගෙඩියthaembili paata thaembili gediya

Thambili Pata Thambili Gediya

Lyrics

තැඹිලි පාට තැඹිලි ගෙඩිය වාගේ ලස්සන 
මගේ සිත ගත්ත ආදරී 
කැමති නැද්ද සින්දු බයිලා කියලා නටන්න 
ඇයි බය වෙන්නේ ආදරී 
සිතට සතුට සැපත ගෙනෙන බයිලා කියන්න 
අකමැති වෙන්නේ කවුරුද 
අනං මනං කෑලි බොරු සෝබන කාටද 
මම බය වෙන්නේ මොකටද 

එහාට පැද්දී කෙල්ලේ මෙහාට පැද්දී  
කියමින් රස ගී අපි නටමුකෝ එක්වී 
අනේ හරබර බයිලා තව තව ඔප කරලා 
ලෝකෙම හොල්ලා අපි නටමුකෝ දෙන්නා 

ඔව් මගේ පුංචි කෙල්ලේ නටමුකෝ පැනලා 
අනේ මගේ පුංචි කෙල්ලේ නටමුකෝ පැනලා
දෙන්නා නටමුකෝ පැනලා
නටමුකෝ පැනලා

තැඹිලි පාට තැඹිලි ගෙඩිය....
  
ගීත රසයට පාද තියලා තාලෙට 
කාලේ හැටියට රාග පාමු නියමෙට 
හද මල් පිපුනා මගේ සිත සතුටු උනා 
අනේ ඔබ ලඟ සැමදා මට නටන්න හිතුනා  

ඔව් මගේ පුංචි කෙල්ලේ....
තැඹිලි පාට තැඹිලි ගෙඩිය....

(අනේ ඇයි බය වෙන්නේ ආදරී 
මම බය වෙන්නේ මොකටද...//)
අපි බය වෙන්නේ මොකටද

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.