තාමත් ඔයා එනවද කියාthaamath oyaa enawadha kiyaa

Thamath Oya Enawada Kiya

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

තාමත් ඔයා එනවද කියා
මං බලනවා නැවතිලා
හදවත ඉරා තහනම ලියා
අපිට අපි අමතක වෙලා
මතක තව තියෙනවා නම් අපෙමයි කියා
අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා

හිතාගන්නත් බැරි තරමට නපුරුද ඔයා
හිතේ හුරු පුරුදුම සෙනෙහේ ගිනියම් කලා
අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා
තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා 

බිඳී ගිය හීනය මැද්දට යළි එයි කියා
කතා වෙන මේ හිත දැක්කද ඇත්තට ඔයා
අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා
තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා

තාමත් ඔයා එනවද කියා....
මතක තව තියෙනවා නම් අපෙමයි කියා
අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.