Lyrics
තාමත් ආදරෙයි මන් මගේ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා
හීනයක් වගේ දැන් සෙනෙහස කදුලු වෙලා
නොහඬා හඬමි ඉවසා ගනු බැරිම නිසා
මතක රිදවයි ආගිය තැන් කියලා
පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි ආදරේ දිය වෙලා
මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියා
නෙතු යට රස්නෙයි උණුහුම ඇයි රැදිලා
සුසුමක සුවදයි උනු කදුලැල් තුරුලු වෙලා
ආයෙත් ඉන්නම් හිස උකුලේ තියා
මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියලා
තාමත් ආදරෙයි මන් මගේ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා
හීනයක් වගේ දැන් සෙනෙහස කදුලු වෙලා
නොහඬා හඬමි ඉවසා ගනු බැරිම නිසා