තාලෙට කිව්වාthaaleta kiwwaa

Thaleta Kiwwa

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

මුහුණට ගෑවෙන්න තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න ආසන්නයි ඔන්න...

තාලෙට කිව්වා ඔයා චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලූ නැංගුරුම ගැලවූ 
නෞකාව දුර ඇදෙනවා ඔබ මට 
අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ 
පවුකාර කම විඳිනවා...

බැරි වුනොතින් දෙන්නට එක්වෙන්න
රහසින් හරි එන්නම් පිළිගන්න
නිතරම මා ලඟ ඔබ කියූ වැකිය
විහිලුවකට පමණක් ගත හැකිය...

තාලෙට කිව්වා ඔයා...

පළවෙනි සිපගැන්මේ තිබුනු රසේ
අඩුවේගෙන ගිය හැටි පුදුම හිතේ
ගැළපුනු අපි අන්තිමේ ‌නොගැළපුනේ
අවසානය එහෙමයි සිද්ධවුනේ...

තාලෙට කිව්වා ඔයා...

(හදවත සම්බන්ධ කරලූ නැංගුරුම ගැලවූ 
නෞකාව දුර ඇදෙනවා ඔබ මට 
අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ 
පවුකාර කම විඳිනවා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.