තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තටthahanam geyi malakin mal suwadha gaththata

Thahanam Gei Malakin

Lyrics

තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට
සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව නිවා ලන්නට

එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර
හදවත රිදවන්න එපා ඉතින් තව තව
කදුලු පොකුරු මල් රදවා නුවන් දොරකඩ
උහුලන්නට බැරි දඩුවම් එපා මෙච්චර

තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට
සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට....

නිදි යහනේ ඈතින් වේදනා විද විද
හිටියා ඇති අමනාපව සොදුර හඩ හඩ
සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට
පමා නොවී හිනා වෙන්න හදා ගෙන හිත

තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.