ශ්වේත ‍shweetha

Swetha

Music:
තරිඳු දම්සරtharindu dhamsara
Lyrics:
නයෝමි සකුනිකාnayoomi sakunikaa

Lyrics

නුරා අග්නි රැහැනින් වෙලලූ
අඩනිද්‍රා කඩතිර බිඳලූ
ක්ෂීර සප්ත කළ ආලිංගන අග
ප්‍රේමිත රාගිත වර්ණත ශ්වේත...

යුගල පියාපත් හසුන් රඟන රණ
පොකුණු දියට බසිමි පේවී
කලත කලත රස දෙතොල මතද මන
සුසුම් අතර තෙරපෙයි දේවී
ශ්වේත ‍ප්‍රේම වර්ණත පිරියම් කළ
මීන නේත්‍ර හීයකි රාගී...

කිමිද ඉපිල යලි කිමිද ඉපිල
රළු ඇඟිලි බඳෙහි යුධයකි ප්‍රේමී
මා හැඟුම් හලන ඈ රැඟුම් මතට
හද රුහිරු රක්ත ගිනියම් දේවී
ශ්වේත ‍ප්‍රේම වර්ණත පිරියම් කළ
මීන නේත්‍ර හීයකි රාගී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.