ස්වර්ණපාලියේswarnapaaliyee

Swarnapaliye

Music:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha
Lyrics:
ජැක්සන් ඇන්තනීjaeksan aenthanii

Lyrics

දොරමඬලේ ගිනි වැදුනේ 
තුන් හිතේ ගින්දරයි දෙයියෝ......

සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ
වස්සානේ ගිම්හානේ උන්නේද මා
ඒ වෙනස මට දැනුනේ නෑ.....

කාලයේ බිංදු වේලාවේ පාළුවේ අන්ධ මායාවේ
ආදරරේ උරුමයද මම හෙව්වේ ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ......

(අඬර දබර හතර වටේ.....)

ලැම ගින්න හිත පල්ලේ ඇවිලි ගියා
පොද වැස්ස සංසාර ගිනි නිව්වේ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නේ නෑ.......

කාලයේ බිංදු වේලාවේ......

දොර මඬලාවට යන්න පියඹාගෙන එන්න
සැරිසරන්න පඬු අබා කතා වස්තුව මුල සිට අගට මෙන්න
භද්‍රකච්චායනා කුමරි පඬුවස්නුවර 
රජ මෙහෙසිකාවි වදපු කුමරුන් දස දෙනෙකි
එකොලොස්වන චිත්‍රා දේවි 
එක්ටැම් ගේක දීඝගාමිණිට දාව උපදින
කුමරු මැරුමට මාමාවරුන් පැමිණ වැදුම් ගෙට බලන
කල කුමරියෙකි චිත්‍රා ළඟ කුමරු නොව 
කුමාරයෙක් ලැබුණොත් චිත්‍රාවට 
මාරක අපලයි මාමාවරු දස දෙනාහට
දස කුසේනා පිරිවරාගෙන පැමිණ මරපු 
පුංචි කොලු ගැටව් දිය කෙලින 
කුමරු ගස් බෙනයක සැඟව නරඹමින් හඬව 
හඬවමින් මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්.....

මව්බිම මම සුරකිමි මව්බිමේ උරුමයට කැපවෙමි
සුරතින අසිපත දරාගෙන අදිටන ගෙන ගියේ
සිහනද පතුරවමින් හෙළ ජය ගනිමින්

අසිපතේ තැවරුණේ ප්‍රේමයයි 
උන්මාදිනියේ මා ළයේ වැගිරුණේ ස්නේහයයි
දොරමඬල ගිනි බත් වී ඒ ගිනි කඳ හදපත් වී
ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ......

ස්වර්ණපාලියේ......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.