සුවඳැති කුසුමක සුසිනිඳුsuwandaethi kusumaka susinindu

Suwandathi Kusumaka Susinidu

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
ලිනස් මෙන්ඩිස්linas mendis

Lyrics

සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ හිඳිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි

මගෙ සිත සනසන උල්පත වැනි 
ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුර සඳ දුටු 
කොඳ කැකුළු මෙනි

මගෙ හද පිනවන ඔබෙ නෙත් 
පවසන රහස දැනි
පන නළ ඇති තුරු තනි රැක 
සහනය සතුට දෙමි

සුවඳැති කුසුමක...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.