Lyrics
සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම්
ආදරේ නැතිනම් මම එය දරාගන්නම් //
සිතට දැනෙනා මිහිරි සිතුවිලි
ඔබ ගැනයි තුන් තිස් පැයේ
ඈත සිට එන සුලඟ කීවෙත්
ඔබ ගැනයි රහසින් වගේ
ඔබට එය නැතිනම් මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ....
හදට හුරු නැති සොඳුරු සිතුවිලි
ලඟ මැවෙයි නිදි නැති රැයේ
දරන්නට බැරි දුකක් තිබුණත්
එයද සතුටක් ලෙස සිතේ
ඔබට එය නැතිනම් මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ....