සුවඳ මගේsuwanda magee

Suwanda Mage

Lyrics

සුවඳ මගේ තවම දැනෙනවද 
ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද 
තාමත් මට වෛර කරනවද 
දැන්වත් මට සමාව දෙනවද.....

අරලිය මල් ගහ යට හැන්දෑවට 
තවමත් ඔබ මග බලමින් ඉන්නවද 
මා සිහිකර ඔබ තවමත් හඬනවද 
පව් කල මට ඔබ සමාව දෙනවද.....

සුවඳ මගේ.......

අවිහිංසක මල් කැකුලක් රිද්දලා 
සන්සාරේම මම පව් පුරවා ගත්තා 
ගඟක් තරම් නෙතු කදුළැලි උතුරනවා 
සමාවෙන්න ඔබ ගැන මම දුක් වෙනවා....  

සුවඳ මගේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.