සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේsuwanda haadhuwak wenna aethnam oya dhetholee

Suwanda Haduwak Wenna Athnam Oya Dethole

Lyrics

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ
රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි
සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී

සුදු මුදු ළැම කඳු යායේ තිසර කඳු මුදුන් ඉමේ
සුසුම් සර වෙන්න ඇත්නම්
සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ....

පුලුලුකුළු තල මත වැහැරී මිනි බැඳි දොර බිඳිනා
තරඟ රළ වෙන්න ඇත්නම්
සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ....
සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.