සුවඳ දෙන මල් වනේsuwanda dhena mal wanee

Suwanda Dena Mal Wane

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

සුවඳ දෙන මල් වනේ බිගුන් බැඳීලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ බිගුන් බැඳීලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා

සුවඳ දෙන මල් වනේ...

මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි
ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි

සුවඳ දෙන මල් වනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.