සුවදයි මුවේ මල් පැණීsuwadhayi muwee mal paenii

Suwadai Muwe Mal Pani

Lyrics

සුවදයි මුවේ මල් පැණී
නෙතගින් හැලේ නිල්මිණී
මා ජීවිතේ පන වැනී
නැල්වෙන් දුවේ රෝෂිණී....

අම්මා නුඹේ-කිරට ගියා
කිරි එරවා-එන්ට ගියා
කිරි මුට්ටිය-ගගේ ගියා
ගගට උඩින්-කොක්කු ගියා....

ඔන්න බබෝ-ඇතින්නියා
ගල් අරඹේ-සිටින්නියා
ගලින් ගලට-පනින්නියා
බබුට බයේ-දුවන්නියා....

අතට වෙරලු-ඇහිද ගෙනේ
ඉනට පලා-නෙලාගෙනේ
බරටම දර-කඩා ගෙනේ
එයි අම්මා-විගසකිනේ....

සුවදය මුවේ.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.