සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලාsuwanda salanawaa katu akulaka malak pibidhilaa

Suwada Salanawa Katu Akulaka Malak Pibidila

Lyrics

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා
බඹරු බමනවා සුවඳ වැදී මත් වෙලා //

තරු යුවලක් සිනා සලයි ලගා වෙන්න බෑ
පියාපත් ඇතත් ඒ දුර පියාඹන්න බෑ //
කිසිවක් මට හිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා 

සුවඳ සලනවා ....

වෙනසක් නැති ආදරයයි සිතක් සොයන්නේ
කඳුලක් නැති ආදරයයි ලොවක් පතන්නේ //
කිසිවක් මට හිතා ගන්න බෑ 
සිත ඉගිල ගිහිල්ලා 

සුවඳ සලනවා .... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.