සුවඳ රෝස මල් කැකුළීsuwanda roosa mal kaekulii

Suwada Rosa Mal Kakuli

Lyrics

සුවඳ රෝස මල් කැකුළී
ඔය සුවඳට සිත බැදුනී
දුරට වෙලා ඉන්න බෑ තවත්
ලඟට ඇවිත් සිප ගන්නට දෙන්න මට ඉඩක් //

හමන සීත සැඩ සුළඟට පෙති හැකිලේවීදෝ බයයි //
මටත් කලින් වෙන බඹරෙක් රොන් ගෙනයයිදෝ සැකයි

සුවඳ රෝස මල් කැකුළී...

පමා වුණොත් ඔබ වැලපෙයි සිප ගන්නට මට නොමවෙයි //
අහිමි නොවූ සිනාසෙන්න මේ සිත ඔබ ලඟම තමයි

සුවඳ රෝස මල් කැකිළී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.