Lyrics
සුවඳ පොදක් වෙන්න බැරිද
සුලඟ සමග මෙහේ එන්න
සුළං පොදක් වෙන්න බැරිද
හැම විට මා ළඟ රැදෙන්න
දහසක් බාධක වැට කොටු
ඇති විට ඉදිවෙලා
මට පෙනෙන්න එළිවෙන තුරු
සිහිනෙක දැවටිලා
හමුවී වෙන්වෙන මොහොතක
ඉන්නට මට බලා
ආදරයෙන් සමු ගනු මැන
කඳුළු බිදක් සලා