සුවඳ මලකsuwanda malaka

Suwada Malaka

Lyrics

(සුවඳ මලක සුවඳ පොදක් වෙන්න බැරිව ලතැවී 
සුවඳ දුන්නු නුඹේ සිතට ගින්දර දී සැඟවී 
දැවෙන නුඹේ සිත් මල ලඟ සිනා සිසී රඟදී   
අහිමිව ගිය නුඹ ගැන දුක දැනුනා සුදු නංගී...//)

ආදරේට ලංවී නුඹ මට ඔවදන් දුන්නා 
නුඹේ බහට අවනත නොවු මා ගැන නුඹ තැවුනා
නුඹේ හිතට දුක උපදින හීන හිතින් මැව්වා
නුඹට දුන්නු දුකම ඇවිත් මා වටකර දැවුනා

සුවඳ මලක සුවඳ පොදක්....

ප්‍රාර්ථනා හීන මවා නුඹ කඳුලැලි බීවා 
සමාවෙන්න කියන්න බැරි තරමට දුක දුන්නා 
එත් නුඹේ හද පතුලින් සමාව මට දුන්නා 
සුදු නංගියා මගේ වෙන්න පිං කරාද මන්දා  

සුවඳ මලක සුවඳ පොදක්....//
(අහිමිව ගිය නුඹ ගැන දුක දැනුනා සුදු නංගී...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.