සුව දේsuwa dhee

Suwa De

Lyrics

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ //

ප්‍රිය දේවිය හා
රජ සැප හැර දා
මරු බල පරදා
බුදු වූ පෙරදා

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ

ගිරි මුදුන පවා
කුසුමන් පිබිදී
බුදු රැස් විහිදී
සිරිසර පලවී

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ

ඇසු දුටු පම‍ණින්
ගත සිත සැනසේ
ජය භූමිය වේ
ලොව බොදු දනගේ

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.