සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයිsusuman salayi nethu piyan aereyi

Susuman Salai Nethu Piyan Arei

Lyrics

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුළු වැටී උණුහුම සිසිලයි
තත්පරයක් හෝරාවක් කප් සුවහස්කල්
ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව 

අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකිබිඳ ඉකිබිඳ සිතුවිලි සිරකර
හිත හඩා වැටෙයි ගත මිලාන වෙයි

රළ බෙදෙන තරම් සැඩ සුළං සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපාවී
මට ඔබ පමණයි ඔබෙ රුව පමණයි

සුසුමන් සලයි .... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.