සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ)susumaka weliilaa (hamuwemu aayee sansaaree)

Susumaka Welila (Hamuwemu Aye Sansare)

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

සුසුමක වෙලීලා 
මුසුව එන හැඟුමකි රැයේ පුරා 
හදවත ගැහීලා 
හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා 
සඳ කතා කොඳුරනවා 
හිත පුරා ලංවී ඔයා 
හිත නිවා සනසනවා 
මතු සදා ඉන්නෙම් පතා 

දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා 
සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා 

පෙරුමන් පුරාලා 
නුඹගේ රුව මවනෙමි සිතා මතා 
මතකය මවාලා 
රඳව ගමි නුඹවම හදේ සදා 
වත පුරා දැවටෙනවා 
මතු සදා මාගෙයි කියා 
සිත පවා විමසනවා 
නෙතු මවා අහසේ පුරා 

දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා 
සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා 

තරු පිපුනාවේ අහසේ 
තරු මල් වලටත් රහසේ 
සුසුමක් සුසුමට ලං වීලා අප 
හමු වෙමු ආයේ සංසාරේ 

(දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා 
සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.