සුසුමක පහස දුන් දෙව්ලියsusumaka pahasa dhun dhewliya

Susumaka Pahasa Devliya

Lyrics

සුසුමක පහස දුන් දෙව්ලිය මට කියන්
බැඳුනේ ඔබ හා මුළු සංසාරෙන්
මල් දහසක් මතින් ඉගිලෙන සමනලුන්
සිහි වී හැමදා ඔබේ මුව දුටු සැණින්
හැඟුමන් හිර කරන් ඉන්නෙමි ඔබ ළඟින්
සිනහව ඔබගේ මා හද තුරුලේ සඟවා ගනිමි මං
හදවත කිතිකවන් ඔබ එන විලස දැන්
ආදරයේ අරුතින් සැමදා විඳිමි ඔය නිල් නුවන්.......

කී කතා ඔබේ දෙතොලතින් හසරැලි මතින් 
මතකයේ සීතලෙන් ගැහෙනා වෙලේ ආදරෙන් ළං වුණේ
දෙකොපුල් සිහිනයේ සිතුනේ සිපගන්න සැමදා ඔබේ
එනමුත් මේ ලෙසේ ඉන්නම් සෙවණැල්ල වී ඔබේ හදේ......

සුසුමක පහස.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.