සුසුමක දැවටිලා කඳුලින් බොඳ වෙලාsusumaka dhaewatilaa kandulin bonda welaa

Susumaka Dawatila Kandulin

Lyrics

සුසුමක දැවටිලා කඳුලින් බොඳ වෙලා
මතකේ....ඔබෙ ආදරය තිබුණා..
තරුවක් ඉකිගසා හැඬුවා රෑ පුරා
රහසේ පැතු ආදරය සැමදා..

සංසාර සිහිනයක මා..
සිත සරතැස නිවා මදහස දැල්වුණා
දැනුණා....ඔබෙ ආදරය දැනුණා
හැම හුස්මක පවා..

සීත ඍතුවේ මල් හීන වෑහුනේ
සඳ සිසිල අපටම නිසා
ආදරේට පාට ගේන මා සිදංගනා
හිනැහෙන්න දෙනුවන් අයා

උණුහුමට හිත පිරුණු මගෙ ආදරේ
ඔබෙ නමටමයි හිමි ප් ‍රියේ..
මට දෙන්න මියුලැසියේ ඒ ආදරේ..
විකසිත වෙන්න මුළු ජීවිතේ....

ස්නේහ නිම් තෙරේ සිත ආදරෙන් පිරේ
සුහදනිය ඔබ ළඟ නිසා..
පාරමී පුරා ගෙනාව ප් ‍රේම කල්පනා
කොඳුරන්න මට ළං වෙලා..

ඔබ ඉන්න සඳවතියේ නොනිඳා හදේ
සිහිලැල් හැඟුම් සයනයේ..
විඳගන්න ඉඩ දෙන්න ඒ ආදරේ
පැතු සේම සංසාරයේ....

සිත සරතැස නිවා මදහස දැල්වුණා 
පායා....සඳ අහසේම දිලුණා..
ගනඳුර සේදුණා තරු මිණි දැල්වුණා 
දැනුණා ඔබෙ ආදරය දැනුණා...
හැම හුස්මක පවා..............

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.