Lyrics
සුසුමද කුසුමකි හද පිරිමදිනා
මා දෑසට හසු නොවනා
කඳුළද ඔසුවකි මග වැරදුනුදා
එතැනදි ඔබ මුණගැසුනා //
සුසුමක දුක් බව දෙතොලෙහි තවරා
කුසුමක් සේ මට දෙන්න
ඒ කුසුමෙන් පෙම් විකල්පයක් මෙන්
සුවඳත් අරගෙන එන්න
තව සුසුමක් නොහෙලන්න
කුසුමක් වී ලඟ ඉන්න
සුසුමද කුසුමකි ....
කඳුළක උණුසුම කොපුලට දැනෙනා
මොහොතක හිස සිඹ ගන්න
ඒ මොහොතෙහි පෙම් හසුනක ගොනුවු
සෙනෙහස මෙනෙහි කරන්න
ඔබෙ හද මා හට දෙන්න
මා හද ඔබ අරගන්න
සුසුමද කුසුමකි ....