Lyrics
සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා
සීතල අරගෙන පිනිවැහි එක්කල මූහුදත් රළුවෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහිවෙනවා
අදවත් එන්නකො මාලු එපා ඉටිපන්දන් දියවෙනවා.....
හුලං ඇදෙනකොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා
අම්මත් එක්කල හිමින් සැරේ මම ඔරසන් කියවනවා
ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා
සමිදුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා.....
බඩගින්නක් මට දැනෙන්නෙ නැ මේ නත්තල් කාලේ
වෙරලෙ වාඩි වී මුහුද දිහා මං බලනව හැමවාරේ
සමිදු පුදන්නට ඉටිපන්දන් නෑ ඒකයි මං නාවේ
අප්ප ආපුවම පල්ලියෙ එන්නම් අහන්න ගී නාදේ........