Lyrics
(සුරිඳු සමන් වරම් පතා තුන් සරණේ කියන් පුතා
අපිත් ඉතින් මුනි සිරිපා වඳින්න යනවා
හෙලේ නගින් දොන් පුතා අග්ගලා කන් දොන් පුතා
නඩේ පිටින් මුනි සිරිපා වඳින්න යනවා)..//
ගමන පටන් ගන්නේ නඩේ බාර හාර වෙන් කරලයි
සැහැල්ලුවට දාගන්නේ ඕන කරන අඩු වැඩියයි
පිරුවට ඇඳ ගන්නේ සුදට සීත ගඟුලේ දිය නාලයි
වඳින්න යන හැම දෙනාම සමන් දෙවිඳු හට බාරයි
කරුණාවයි.. කරුණාවයි..
කරුණාවයි.. කරුණාවයි..
සුරිඳු සමන් වරම් පතා....
කිරි කෝඩුට කරුණාවයි දෙයියන්ගේ රට මේකයි
මහා මළුවට අත ගාවයි සාධුකාර හඬ පැතිරෙයි
වැන්ද වාර කොපමණ දැයි ඝාන්ටාර නද පවසයි
අනුහස් හරි බරපතලයි කට වැරදුනොතින් නරකයි
කරුණාවයි.. කරුණාවයි..
කරුණාවයි.. කරුණාවයි..
සුරිඳු සමන් වරම් පතා....//