Lyrics

සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත
නොකැළැල් සෙනෙහස නොමඳව ලබාදෙනු මැනේ
කරණට අධිපති සුරින්ඳේ දිවනෙත් විදහා බලනු මැනව්
ඒ පියකරු වූ ළඳ මට ලබාදෙනු මැනේ
මා වෙත දයා කරුණාබර සෙනෙහස් සුවඳින් නහවන
ආල කොමල රැස් දහරා ලබා දෙනු මැනේ.....

විසල් ලොව නෙත් විහිදා 
සැමදුක් බිඳලු සුරිඳුනි
නොපමාව ඒ ළඳ මට
ලබාදෙනු මැනේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.