Lyrics
(සුරංගීට දුක හිතුණා - යටි තොල කන පිට හැරුණා
මුහුණ රෝස පාටින් පිරුණා - කඳුළු පේළියක් වැටුණා)..//
වැස්සක් අහසින් වැටුණා - ගඟට කඳුළු බිඳු එකතු වුණා
කැලේ මැදින් ගඟ ඇදුණා - ඒ ගඟ මුහුදට වැටුණා
මුහුදේ පතුලට කිඳුණා - මුතු බෙල්ලෙකු කුස රැදුණා
දවස් ගණන් එහි තිබුණා - ඒ කඳුළින් මුතු හැදුණා
මුතු කැට ගොඩට ගෙනා - කරාබු යුවළක රැදුණා
ඒ කරාබු ගෙදර ගෙනා - සුරංගිට දැන් හරිම හිනා
කණට තෝඩු පළඳවනා - කණ් පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුණා - තාත්තාට දුක හිතුණා